• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය/වෛද්‍ය ඒකක දීර්ඝ කිරීම
- ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රෝහලක් වන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල මඟින් සපයනු ලබන ශල්‍ය වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා එහි ශල්‍ය/වෛද්‍ය ඒකක දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා වන ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 690ක මුදලකට M/s Subasinghe Contractors & Earth Movers සමාගම වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.