• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නවීන පර්යේෂණ සහ සංවර්ධන සංකීර්ණයේ (MRDC) බාහිර කාර්යයන් සහ භූමි සංවර්ධන කාර්යයන් සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) මාලබේ පරිශ්‍රයෙහි පිහිටි, නවීන පර්යේෂණ සහ සංවර්ධන සංකීර්ණයේ (MRDC) බාහිර කාර්යයන් සහ භූමි සංවර්ධන කාර්යයන් සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 215.9ක මුදලකට M/s. Ranasiha Lanka Construction (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.