• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පුස්තකාල ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම
- ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පුස්තකාල ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ අදියර 1 සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 315ක මුදලකට M/s. CML-MTD Construction Ltd. වෙත පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.