• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික නිවාඩු නිකේතන (NHR) වැඩිදියුණු කිරීම
- ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් පාලනය කරනු ලබන, අනුරාධපුරය, නුවරඑළිය, බණ්ඩාරවෙළ හා කතරගම යන ප්‍රදේශවල පිහිටා ඇති ජාතික නිවාඩු නිකේතන රජයේ සේවකයන් ඇතුළු දේශීය සංචාරකයින් අතර ඉතා ජනප්‍රිය වී ඇත. එම නිවාඩු නිකේතන සඳහා ඇති සංචාරක ආකර්ෂණය තවදුරටත් වැඩි කරගැනීමේ අරමුණින්, එම නිවාඩු නිකේතන ප්‍රතිසංවර්ධනය කිරීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.