• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණය කිරීම හා නැවත ක්‍රියාත්මක කිරීම
- යාපනය, වලිකාමම් ප්‍රදේශයේ පිහිටි මයිලිඩ්ඩි ධීවර වරාය 1980 දශකයේ මෙරට ධීවර කර්මාන්තයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් ප්‍රධාන ධීවර වරායක් වූ අතර ඊසාන දිග මෝසම් ක‍ාලසීමාව තුළ පවා භාවිත කළ හැකි වීම හේතුවෙන් එය සුවිශේෂ වේ. ගැටුම් පැවති සමයේදී මෙහි කටයුතු අඩාළ වූ අතර උතුරු පළාතේ සාමකාමී තත්ත්වය නැවත ඇති වීමත් සමඟ 2017 වර්ෂයේ ජූලි මාසයේදී එම ධීවර වරාය හා අක්කර 54ක ඉඩම ධීවර කටයුතු සඳහා භාවිත කළ හැකි වන පරිදි නිදහස් කරනු ලැබ තිබේ.

ඒ අනුව, එම ප්‍රදේශයේ පදිංචිව සිට අවතැන් වූ ජනතාව නැවත එම ප්‍රදේශයට පැමිණ සිටින අතර, ධීවර කටයුතු සඳහා යළි යොදා ගැනීම සඳහා මයිලිඩ්ඩි ධීවර වරය තුළ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.