• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දැනට පවත්නා ජාල යටිතල පහසුකම් (Network Infrastructure) වැඩිදියුණු කිරීම
- ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍ය පරිපාලන කටයුතු සහ පාර්ලිමේන්තු ක්‍රියාවලීන් සඳහා නවීන තාක්ෂණය මත පදනම් වූ කාර්යක්ෂම සහ ඵලදායී මෙහෙයුම් විධි ක්‍රම යොදාගැනීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. මේ සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මඟින් 'ඉ-පාර්ලිමේන්තු ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කරනු ලැබේ. එහිදී දැනට පවතින පරිගණක ජාල යටිතල පහසුකම් (Network Infrastructure) වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා අවශ්‍ය උපකරණ හා සේවා සම්පාදනය සඳහා යෝග්‍ය සමාගමක් තෝරා ගැනීම පිණිස රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.