• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වතුකර ප්‍රජාව සඳහා මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම
- සෞඛ්‍ය, අධ්‍යාපන, සුරක්ෂිත ජලය ආදී පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් කරා ප්‍රවේශ වීමට ඇති දුෂ්කරතාව හේතුවෙන් වතුකර ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වයට අදාළ දර්ශක රටේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව පහළ මට්ටමක පවතී. එබැවින් එම යටිතල පහසුකම් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි වන පරිදි වතුකරයේ මාර්ග සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, හැටන් ප්‍රදේශයේ ඇබෝර්ට්ස්ලී සිට බ්‍රෝඩොක් කොටස දක්වා දිවෙන මාර්ගය තාර දමා සකස් කිරීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.