• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ටැන්සානියාව, රුවන්ඩාව, අසර්බයිජානය, පෝලන්තය යන රටවල් සමඟ ද්විපාර්ශ්වික ගුවන්සේවා ගිවිසුම් ඇති කරගැනීම
- ටැන්සානියාව, රුවන්ඩාව, අසර්බයිජානය හා පෝලන්තය යන රටවල් සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සේවා විධිමත් කිරීමේ අරමුණින්, දැනට නිලධාරි මට්ටමින් එකඟ වී ඇති යෝජිත ගුවන් සේවා ගිවිසුම්වලට එම එක් එක් රටවල් සමඟ අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව එම ගිවිසුම්වල විධිවිධාන බලාත්මක කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.