• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම
- ශ්‍රී ලංකාවේ බලශක්ති නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා ප්‍රභවයක් ලෙස ස්වාභාවික වායු හඳුන්වාදීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් රජයෙන් රජයට පදනම මත චීන රජය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා පවත්වනු ලැබ තිබේ. හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත කර්මාන්ත කලාපයට විදුලිය ලබා දීමේ මූලික අරමුණින් සහ ඉදිරියේදී ඇති විය හැකි විදුලි හිඟය මඟහරවා ගැනීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව, චීන රජය විසින් නම් කර ඇති China Machinery Engineering Corporation (CMEC) ආයතනය හා ලංකා විදුලිබල මණ්ඩලය අතර හවුල්කාරිත්වයක් වශයෙන් මෙම ස්වාභාවික වායු විදුලි බලාගාරය හා ස්වාභාවික වායු ගොඩබෑමේ පර්යන්තයක් ඉදි කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.