• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෝ නොවන රෝග පිළිබඳව සාර්ක් රටවල ප්‍රථම වාර්ෂික සමුළුව සඳහා සත්කාරකත්වය දැරීම
- සාර්ක් කලාපයේ සියලුම රටවල් බෝ නොවන රෝග පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටියි. මෙම ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා ඇති ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාත්, මේ පිළිබඳ එක් එක් රටවල්වල අත්දැකීම් හුවමාරු කරගැනීමට සහ බෝ‍ නොවන රෝග පාලනය කිරීම සඳහා වන ක්‍රමවේද වැඩිදියුණු කිරීමට අවකාශ සලසා ගැනීම සඳහාත් බෝ නොවන රෝග පිළිබඳව සාර්ක් රටවල්වල වාර්ෂික සමුළුවක් පැවැත්විය යුතු බව සාර්ක් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවේදී යෝජනා වී තිබේ.

එම සමුළුව 2017 දෙසැම්බර් 09 සහ 10 දිනවල ශ්‍රී ලංකාවේ, කොළඹදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.