• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ කොරියනු ජනරජය අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජනයන් සිදු කරනු ලබන වැදගත් රටක් වශයෙන් වශයෙන් කොරියානු ජනරජය සැලකෙන අතර, එරට විසින් මෙරට සමාගම් 70කට වැඩි සංඛ්‍යාවක් තුළ දැනටමත් ආයෝජන සිදු කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකාව තුළ කොරියානු ආයෝජන පුළුල් කිරීමට හැකියාව ඇති තවත් ක්ෂේත්‍ර ගණනාවක් හඳුනාගනු ලැබ ඇති අතර, ඒ සඳහා දෙරට අතර ආයෝජන සහයෝගිතාව සහ සාමූහිකත්වය තවදුරටත් ශක්තිමත් කිරීම යෝග්‍ය වේ.

ඒ අනුව, දෙරට අතර ආයෝජන හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.