• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ආනයනය පාලනය කරන ලද හා තහනම් කරන ලද අයිතම ලැයිස්තුව සඳහාත්, අපනයනය පාලනය කරන ලද අයිතම ලැයිස්තුව සඳහාත් වූ රෙගුලාසි
- ශ්‍රී ලංකාව 1968 වර්ෂයේ සිට ලෝක රේගු සංවිධානයේ සාමාජිකත්වය දරන අතර, සංයෝජිත වෙළඳ භාණ්ඩ විස්තර සටහන හා වර්ගීකරණ සංකේත ක්‍රමය පිළිබඳව වූ අන්තර්ජාතික සම්මුතිය ක්‍රියාත්මක කිරීමටද මෙරට බැඳී සිටී. ජාත්‍යන්තර වෙළඳාම් රටාවේ හා තාක්ෂණයේ සියුම් වෙනස්කම් අනුව නව සංයෝජිත වර්ගීකරණ සංකේතාංක ක්‍රමය යාවත්කාලීන කිරීමට පියවර ගනු ලැබ ඇති අතර, ඒ අනුව ජාතික‍ රේගු සංකේතාංක ක්‍රමය අංක 8කින් යුතු සංශෝධිත වර්ගීකරණ සංකේතාංක ක්‍රමයක් ලෙස සංශෝධනය කරනු ලැබ තිබේ.

මීට සමගාමීව, ආනයනය පාලනය කරන ලද හා තහනම් කරන ලද අයිතම සම්බන්ධව සහ අපනයනය පාලනය කරන ලද අයිතම සම්බන්ධව 1969 අංක 1 දරන ආනයන අපනයන (පාලන) පනත යටතේ ප්‍රසිද්ධ කර ඇති රෙගුලාසි (පාලනයට යටත් අයිතම) සංශෝධනය කිරීම අවශ්‍ය වේ. ඒ අනුව, එම රෙගුලාසි සංශෝධනය කරමින් පළ කරනු ලැබ ඇති 2017‑11‑09 දිනැති අංක 2044/40 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය සහ 2017‑11‑09 දිනැති අංක 2044/41 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.