• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරි සඳහා යෙදවීමට යෝජිත විශේෂ කාර්ය බලකාය සඳහා අවශ්‍ය සංග්‍රාමික වාහන 06ක් මිල දී ගැනීම
- එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරි සඳහා යෙදවීමට යෝජිත විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් සඳහා අවශ්‍ය වාහන සහ උපකරණ සපයා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ යටතේ, යෝජිත වැඩසටහන සඳහා යෙදවීමට අවශ්‍ය සංග්‍රාමික වාහන 06ක් මිල දී ගැනීම සඳහා මිල ගණන් කැඳවනු ලැබ තිබේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එක් සංග්‍රාමික වාහනයක් රුපියල් මිලියන 68.93 බැගින් සංග්‍රාමික වාහන 06ක්, රුපියල් මිලියන 413.59ක බදු සහිත මිලකට M/s Securatec Lanka (Pvt) Ltd. සමාගම වෙතින් මිල දී ගැනීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.