• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ඉන්ධන සැපයුම් පද්ධතිය (Fuel Hydrant System) ඉදි කිරීම සහ ගුවන් සේවා ඉන්ධන පර්යන්ත පහසුකම් වැඩිදියුණු කිරීම
- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි II අදියරේ සංවර්ධන කටයුතුවලට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන, යෝජිත නව ගුවන් යානා හැසිරවීම් පථයේ E අංගණයේ ඉන්ධන සැපයුම් පද්ධතිය (Fuel Hydrant System) ඉදි කිරීමේ සහ ගුවන් සේවා ඉන්ධන පර්යන්ත පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුව M/s.WEC Engineers and Contractors Pte Ltd., Singapore, PT Wijaya Karya (Persero) Tbk සහ China National Chemical Engineering යන ආයතනවල හවුල් ව්‍යාපාරය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 51.5ක බදු රහිත මුදලකට පිරිනැමීමටත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍යකරණ පහසුකම් සලසා ගැනීම සඳහාත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.