• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය නව තාක්ෂණය අනුව වැඩිදියුණු කිරීම
- වර්ෂයකට විභාග 270ක් පමණ පැවැත්වීමට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සහ ලේඛන මුද්‍රණය කිරීම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය මඟින් සිදු කෙරෙන අතර, ඒ සඳහා යොදා ගන්නා බොහොමයක් යන්ත්‍ර වසර 30ක් පමණ පැරණි ඒවා වේ. නව තාක්ෂණික ක්‍රමවේද මේ සඳහා හඳුන්වා දීම මඟින් විභාගවල රහස්‍යභාවය උපරිම ලෙස ආරක්ෂා කරගත හැකි අතර, එමඟින් විභාග පිළිබඳ අපේක්ෂකයින්ගේ විශ්වාසනීයත්වයද ඉහළ යනු ඇත. ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය සඳහා ඩිජිටල් මුද්‍රණ තාක්ෂණය යොදා ගැනීම මඟින් වැඩිදියුණු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

ඒ අනුව, ඩිජිටල් මුද්‍රණ තාක්ෂණය හඳුන්වා දීම මඟින් විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 2.9ක සහ රුපියල් මිලියන 15ක බදු රහිත මුදලකට M/s. Metropolitan Office (Pvt) Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.