• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බොරැල්ල, එලියට් පෙදෙස මධ්‍යම පන්තික නිවාස ව්‍යාපෘතිය
- බොරැල්ල, එලියට් පෙදෙසේ ඉදි කිරීමට යෝජිත නිවාස ඒකක 400කින් සමන්විත මධ්‍යම පන්තික නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 7,799ක බදු රහිත මුදලකට M/s. Yanjian Group Company Limited වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.