• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මිල දී ගැනීම
- 'ත්‍රිපෝෂ' යනු මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්ට, පෝෂණ ගැටලු සහිත ගර්භණී මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් මුදල් අය කිරීමකින් තොරව ලබා දෙනු ලබන පෝෂ්‍යදායී පරිපූරක ආහාරයකි. සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන අතර, 2014 වසරේ සිට 2017 වසර දක්වා එම කිරිපිටි සැපයීම මිල්කෝ (පෞද්ගලික) සමාගම විසින් සිදු කරනු ලැබ තිබේ.

දේශීයව කිරිපිටි නිෂ්පාදනයේ නිරත රජයේ සමාගමක් වන මිල්කෝ සමාගම වෙතින් තවදුරටත් කිරිපිටි මිල දී ගැනීම මඟින් දේශීය කිරි ගොවීන්ගේ ආර්ථිකය නඟා සිටුවීමට ලබා දිය හැකි දායකත්වය සහ අතරමැදියන්ගෙන් තොරව ඍජුවම මිල දී ගැනීමේ වාසිය සලකා, 2018 වර්ෂයේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 600ක්, රුපියල් මිලියන 486ක බදු රහිත මිලකට එම සමාගමෙන් මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.