• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රෝහල්වල ඉදි කිරීම් හා සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනම් කිරීම
- රෝහල්වල දැනට සිදු කරනු ලබන සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමේදී සිදු වන ප්‍රමාදය වළක්වා‍ ගැනීම සඳහා එම ඇතැම් ඉදි කිරීම් කටයුතු, රජයේ ඉදි කිරීම් ආයතන වෙත පැවරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, කරාපිටිය ශික්ෂණ රෝහලේ මුඛ සෞඛ්‍ය ඒකකය ඉදි කිරීම, අම්පාර මහ රෝහලේ විශේෂිත ළමා රෝග වාට්ටු සංකීර්ණය ඉදි කිරීම, නින්දවූර් මූලික රෝහලේ නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම යන ඉදි කිරීම් කටයුතු, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය සහ ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත පැවරීමටත්, හොරණ මූලික රෝහලේ ශල්‍යාගාරය සහිත සය මහල් ගොඩනැඟිල්ල ඉදි කිරීමේ කටයුතු ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පැවරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.