• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පරණ කෝට්ටේ පාර (රාජගිරිය කොටස) වැඩිදියුණු කිරීම
- දේශීය බැංකු වෙතින් ලබා ගන්නා අරමුදල් යොදා ගනිමින් ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම සඳහා වන ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද මාර්ග ව්‍යාපෘතිවල පවතින ඉතිරි අරමුදල් භාවිත කරමින් මහයියාව උමඟ පුළුල් කිරීම, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය පුළුල් කිරීම, පරණ කෝට්ටේ පාර (රාජගිරිය) වැඩිදියුණු කිරීම සහ කුරුණෑගල නගරයේ මාර්ග කාණු පද්ධතිය ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

මෙයින් පරණ කෝට්ටේ පාර (රාජගිරිය) වැඩිදියුණු කිරීම මඟින් රාජගිරිය මංසන්ධිය අවට දැනට පවතින අධික රථවාහන තදබදය අඩු කිරීමට හැකි වනු ඇති බැවින් එම මාර්ග කොටස වැඩිදියුණු කිරීම ඉතා කෙටි කාලසීමාවක් තුළ නිම කරගැනීම අවශ්‍ය වී තිබේ. ඒ අනුව, එම කාර්යය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඍජු කම්කරු ක්‍රමය යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.