• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපනයන භෝග ගම්මාන ව්‍යාපෘතිය
- මහනුවර ප්‍රදේශය තුළ පිහිටි, ඵලදායී කාර්යයන් සඳහා දැනට භාවිතයට ගෙන නොමැති රාජ්‍ය ආයතන සතු ඉඩම් නැවත වගා කිරීමේ හෝ අපනයන අරමුණු කරගත් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන පරිදි භාවිතයට ගැනීමේ අවශ්‍යතාව මහනුවර නගර සංවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුව විසින් හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව, 'අපනයන භෝග ගම්මාන ව්‍යාපෘතිය' නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ යටතේ, මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වුඩ්සයිඩ් වතුයායේ පිහිටි, මේ සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති අක්කර 400ක භූමි භාගයක් සුදුසු නිර්ණායක අනුගමනය කරමින් තෝරාගනු ලබන ප්‍රතිලාභීන් වෙත බදු පදනම මත ලබා දීමටත්, එම ඉඩම්වල කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමටත්, මෙහි සාර්ථකත්වය මත ව්‍යාපෘතියේ කටයුතු තවදුරටත් ව්‍යාප්ත කිරීමටත් විශේෂ කාර්යභාර අමාත්‍ය සහ මහනුවර සංවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුවේ සභාපති (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.