• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා නෛතික රාමුවක් පිළියෙල කිරීම
- තිරසර ඉඩම් කළමනාකරණය පිළිබඳ ව්‍යාපෘතිය යටතේ විද්වත් කමිටුවක් මඟින් සකස් කරන ලද ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය සඳහාත්, එය ක්‍රියාත්මක කිරීම පිණිස නීති සකස් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී තිබේ. නීතිය මඟින් බලාත්මක කළ හැකි ලෙස ස්ථාපිත වූ ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් නොමැති වීම මෑත කාලවලදී දිවයිනට බලපෑ ගංවතුර සහ නාය යෑම් වැනි ව්‍යසනයන් ඇතිවීමට බලපෑ ප්‍රබල සාධකයක් ලෙසද හඳුනාගෙන තිබේ.

ඒ අනුව, ඉහත සඳහන් කරන ලද ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය පදනම් කර ගනිමින් අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.