• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ ඉඩම් බැහැර කිරීම විධිමත් කිරීම හා රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම වැළැක්වීම
- රජයේ ඉඩම් බැහැර කිරීම විධිමත් කිරීමට හා රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට සහ ඊට අදාළ කරුණු අධ්‍යයනය කර වාර්තා කිරීම පිණිස ඉඩම් විෂයට සම්බන්ධ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලදී.

ඒ අනුව, එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ සහ ඒ පිළිබඳ ජනාධිපතිතුමා, ආරක්ෂක ඇමතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණුද සැලකිල්ලට ගෙන, රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම වැළැක්වීමට සහ රජයේ ඉඩම් බැහැර කිරී‍මට අදාළව දැනට පවතින ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.