• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජ්ගම නාගරික නිවාස ව්‍යාපෘතිය
- නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කෙරෙන රජ්ගම නාගරික නිවාස ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමි වී තිබේ. සුනාමි ව්‍යසන‍යෙන් බලපෑමට ලක් වූ පවුල් 39ක්ද ඇතුළුව අඩු ආදායම්ලාභී පවුල් 92ක් සඳහා ඒ යටතේ නිවාස ඉදි කෙරෙන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙන යාමේදී අදාළ භූමියෙහි පවතින ඉතා අබලන් තත්ත්වයේ පවතින නිවාස 45ක් ද ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව, පවුල් 137ක් සඳහා නිවාස පහසුකම් සැලසිය හැකිවන පරිදි මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, මෙම ගම්මානය සඳහා වන පොදු යටිතල පහසුකමක් වශයෙන් ප්‍රජා ශාලාවක් ඉදි කර දීමටත් නිවාස හා ඉදි කිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.