• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1941 අංක 39 දරන ණය සහනදායක ආඥාපනත සංශෝධනය කිරීම
- ණය සම්බන්ධ ආරවුල් නිරවුල් කිරීමේ වඩාත් කාර්යක්ෂම විකල්ප යන්ත්‍රණයක් ලෙස ණය සහනදායක මණ්ඩල යොදාගැනීමේ අරමුණින් වර්තමානයේ කොළඹට සීමා වී ඇති එම මණ්ඩලයේ කටයුතු අනෙකුත් ප්‍රදේශ වෙත ව්‍යාප්ත කිරීම සඳහා එහි අධිකරණ බල සීමාව පුළුල් කිරීමට යෝජනා වී තිබේ. එමෙන්ම එහි ක්‍රියාකාරිත්වය ස්ථාවර හා ඵලදායී කිරීම සඳහා සාමාජිකත්වය තවදුරටත් පුළුල් කිරීමට හා තෝරාගැනීමේ නිර්ණායක වෙනස් කිරීමටද යෝජනා වී තිබේ. ඒ සඳහා විධිවිධාන සලසමින් 1941 අංක 39 දරන ණය සහනදායක ආඥාපනත සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.