• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වේරස් ගඟ වැසි ජලය අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු
- ගංවතුර පාලනය කිරීමේ මූලික අරමුණින් ක්‍රියාත්මක කෙරෙමින් පවතින වේරස් ගඟ ව්‍යාපෘතිය යටතේ මේ දක්වා සිදු කරන ලද සංවර්ධන කටයුතු මඟින් බොරලැස්ගමුව, රත්තණපිටිය, පිළියන්දල, වේරහැර, නුගේගොඩ ආදී ප්‍රදේශවල ‍වැසි ජලාපවහනය වැඩිදියුණු කර ඇති අතර, එම ප්‍රදේශවල ගංවතුර තර්ජනය අවම කිරීමට එය හේතු වී තිබේ.

කැස්බෑව, මහරගම, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගංවතුර බලපෑම අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර ඇති ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.