• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත මුර සංචාරක නෞකාවක් ලබාගැනීම
- දළ වශයෙන් වර්ග කිලෝමීටර 517,000ක් පමණ වන ශ්‍රී ලංකාවට අයත් සමුද්‍ර තීරයෙහි ශ්‍රී ලංකාවේ සමුද්‍රීය නීතිය බලාත්මක කිරීමේ කාර්යය ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබේ. මෙරට දකුණුදිග වෙරළෙන් නාවික සැතපුම් පහකට ඔබ්බෙන්, වඩාත් කාර්ය බහුල ජාත්‍යන්තර නාවික ගමන් මාර්ගයක් පැවතීමත්, සමුද්‍රීය ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම්, මංකොල්ලකෑම්, නීතිවිරෝධී මසුන් ඇල්ලීම් ආදී අභියෝග ඉහළ යාමත් හේතුවෙන් වෙරළාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය යාත්‍රා සංඛ්‍යාව ඉහළ නැංවීම අවශ්‍ය වේ.

ඒ අනුව, ඉන්දීය රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් අනුව, ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් භාවිත කරන ලද 'වරුණ' මුර සංචාරක නෞකාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත මුදල් අය කිරීමකින් තොරව ලබා දෙනු ලබන අතර, එම දෙපාර්තමේන්තුවේ සමුද්‍රීය මුර සංචාරක හැකියාව වැඩිදියුණු කිරීමට එය ඉවහල් වනු ඇත. එම නෞකාව ප්‍රදානයක් වශයෙන් පිළිගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.