• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'මහාසූපවංසය' ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කිරීම
- ශ්‍රී ලංකාව දියුණු ආහාර සංස්කෘතියකට උරුමකම් කියන රටක් වන අතර, අතීතයේ මෙරට පැවති නිරෝගිමත් හා සෞඛ්‍යසම්පන්න දිවි පැවැත්ම සඳහා එම ආහාර සංස්කෘතිය මහත් පිටිවහලක් වූ බව පෙනේ. ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතිය හා එහි ඓතිහාසික පරිණාමය පිළිබඳව විවරණය කෙරෙන 'මහාසූපවංසය' නමින් අගනා කෘතියක්, දේශබන්දු (ආචාර්ය) ටී.පබ්ලිස් සිල්වා මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්වතුන් කිහිපදෙනෙකුගේද සහයෝගය ඇතිව සම්පාදනය කරනු ලැබ තිබේ.

මෙම ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම මඟින් මෙම ක්ෂේත්‍රය හා සම්බන්ධ ශ්‍රී ලාංකේය දැනුම හා උරුමය ලෝකය හමුවට ගෙන යාමට අවකාශ සැලසෙනු ඇත. ඒ අනුව, 'මහාසූපවංසය' ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර, එහි පිටපත් 1,000ක් මුද්‍රණය කිරීම සඳහා අරමුදල් සලසා දීම මඟින් අනුග්‍රහය දැක්වීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.