• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වධහිංසා පැමිණවීම සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට ලක් කිරීමේ හෝ දඩුවම්වලට එරෙහි සම්මුතියේ වෛකල්පික සන්ධානයට එළඹීම
- වධහිංසා පැමිණවීම සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමානයකට ලක් කිරීමේ සැලකීම් හෝ දඬුවම්වලට එරෙහි සම්මුතියට ශ්‍රී ලංකාව විසින් 1984 වර්ෂයේදී අත්සන් තබනු ලැබ ඇති අතර, 1994 වර්ෂයේදී එම සම්මුතියෙහි විධිවිධාන මෙරට නීතිය මඟින් බලාත්මක කරන ලදී.

වධහිංසා පැමිණවීම මර්දනය කිරීමට හා ඒ සඳහා ජාතික හා ජාත්‍යන්තර යන්ත්‍රණ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජයේ ඇති අවංක බව හා අධිෂ්ඨානය පෙන්නුම් කරමින් එකී සම්මුතිය යටතේ වන වෛකල්පික සන්ධානයට (Optional Protocol) ශ්‍රී ලංකාව විසින් අත්සන් තැබීමටත්, එහි බැඳීම් අනුව රැඳවුම් ස්ථාන ක්‍රමවත් අධීක්ෂණයට ලක් කිරීමේ හා අධිකරණ නියෝග හෝ වෙනත් අයුරකින් රඳවා ගනු ලැබ සිටින පුද්ගලයින්ගේ සුබසාධනය වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.