• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාපරාධී ක්‍රියා වැළැක්වීමට අදාළ කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාව දැක්වීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගනු ලබන අවබෝධතා ගිවිසුම
- අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම, නඩු පැවරීම, අපරාධ වැළැක්වීම සහ සාපරාධී කටයුතුවලින් උපයන මුදල් රාජසන්තක කිරීම යන කරුණුවලදී දෙරටේ පවතින නීති බලගැන්වීමේ අරමුණින්, සාපරාධී ක්‍රියා වැළැක්වීමට අදාළ කාරණාවලදී නෛතික සහයෝගිතාව දැක්වීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර එළඹීම පිණිස 2017 ජුනි මස 13 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, දෙ‍රටේ අදාළ නිලධාරින් අතර පැවති සාකච්ඡාවලදී එකඟ වී ඇති පරිදි ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුමට එළඹීමටත්, එය වසර කිහිපයක් සාර්ථකව ක්‍රියාවට නැංවීමෙන් පසුව මේ සම්බන්ධයෙන් දෙරට අතර ගිවිසුමකට එළඹීමටත් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.