• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහවැලි 'ඊ' (E) කලාපය ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විශේෂ බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
- වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ යන අභය භූමියන්හි නැ‍ඟෙනහිර මායිමේ මිණිපේ වම් ඉවුරු ඇළට වම් පසින් පිහිටි ප්‍රදේශය තුළ පවුල් 20,000ක් පමණ වසර 40කට අධික කාලයක් පුරා ස්ථිරව ජීවත්වේ. මෙම ප්‍රදේශය සඳහා සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි එහි සංවර්ධන හා පරිපාලන බලතල ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙත පැවරීම සුදුසු බව හඳුනාගනු ලැබ ඇති අතර, ඒ සඳහා අදාළ වනජීවී රක්ෂිතයන්හි සීමා නැවත නිර්ණය කළ යුතු වේ.

ඒ අනුව, මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන විශේෂ සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව, මිණිපේ හා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් හඳුනාගත් ප්‍රදේශය, 'මහවැලි 'ඊ' කලාපය' ලෙස මහවැලි සංවර්ධන බල ප්‍රදේශයක් වශයෙන් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.