• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සඳහා උපායමාර්ග සකස් කිරීම පිණිස උපදේශක සමාගමක් තො‍්රාගැනීම
- ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා රජය ප්‍රමුඛතාව ලබා දී තිබේ. ඒ සඳහා අවශ්‍ය මූලෝපායන් ගොඩනැංවීම සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි, ඇමරිකානු ඩොලර් මිලියන 1.425ක මුදලකට McKinsey & Company වෙත පිරිනැමීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.