• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතුරුඵලයක් ලෙස පුත්තලම ගල් අඟුරු බලාගාරයේ නිපදවෙන අළු බැහැර ලීම
- පුත්තලම පිහිටි මෙගාවොට් 900ක ධාරිතාවකින් යුත් ගල් අඟුරු විදුලි බලාගාරයේ විදුලිය නිපදවීමේදී වර්ෂයකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් පමණ දහනය කෙරේ. මෙහි අතුරුඵලයක් ලෙස වර්ෂයකට අළු මෙට්‍රික් ටොන් 255,000ක් පමණ නිපදවෙන අතර සිමෙන්ති සහ වහල සෙවිලි කරනු ලබන ෂීට් නිෂ්පාදනය සඳහා භාවිත කෙරෙන බැවින් මෙම අළු සඳහා ඉහළ වෙළෙඳ පොළ ඉල්ලුමක් පවතී.

එබැවින්, එම බලාගාරයේ එකතු වී ඇති අළු බැහැර කිරීම සඳහා රජයේ ටෙන්ඩර් පටිපාටිය යටතේ ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, ලංසු ඉදිරිපත් කරනු ලැබූ ආයතන අතරින් සුදුසුකම් ලැබූ ආයතන වෙත, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ හා ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි අදාළ අළු තොග බැහැර කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.