• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොදු රාජ්‍ය මණ්ඩලයීය පළාත් පාලන සංසදයේ මහසභා රැස්වීම හා සම්මන්ත්‍රණය 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
- පළාත් පාලන ක්ෂේත්‍රයට අදාළව ස්ථාපනය කරනු ලැබ ඇති පොදු රාජ්‍ය මණ්ඩලයීය පළාත් පාලන සංසදයේ සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරයි. මෙම සංසදයේ මහසභා රැස්වීම හා ජාත්‍යන්තර සම්මන්ත්‍රණය වසර දෙකකට වරක් පැවැත්වෙන අතර, පළාත් පාලන ක්ෂේත්‍රයේ සිදුවන ගුණාත්මක වෙනස්කම් පිළිබඳව සාමාජික රටවල් අතර අදහස් හුවමාරු කරගැනීමට මෙමඟින් අවස්ථාව සැලසේ.

ඒ අනුව, 2019 පොදු රාජ්‍ය මණ්ඩලයීය පළාත් පාලන සංසදයේ මහසභා රැස්වීම හා ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා වන යෝජනාවක්, මෙම වසරේ නොවැම්බර් මස 21-24 දිනයන්හිදී මෝල්ටා රාජ්‍යයේදී පැවැත්වෙන එම සංසදයේ සමුළුවට ඉදිරිපත් කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.