• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය ඉහළ නැංවීම
- රාජ්‍ය හා පෞද්ගලික අංශ සඳහා, විශේෂයෙන්ම වාරිමාර්ග අංශයේ විශාල ව්‍යූහයන් සඳහා අවශ්‍ය නිෂ්පාදන හා සේවා සැපයීම රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ. වාරිමාර්ග ජල කළමනාකරණ සොරොව්වල දොරටු, මෙහෙයුම් පද්ධති හා උපකරණ නිෂ්පාදනය කිරීම සිදු කරනු ලබන එම දෙපාර්තමේන්තුවේ වාත්තු වැඩහලෙහි කාර්යක්ෂමතාව හා නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමේ අරමුණින්, ඉහළින් සවි කරනු ලබන නවීන දොඹකරයක් (ටොන් 8) එකී දෙපාර්තමේන්තුව සඳහා මිල දී ගැනීමට යෝජනා වී තිබේ.

එමෙන්ම, මෙම දෙපාර්තමේන්තුවේ ආයතනික කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා ආයතනික සම්පත් සැලසුම්කරණ මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දීමට ද යෝජනා වී තිබේ. මෙම කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කරගැනීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.