• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මැදි ආදායම් නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන කඩිනම් වැඩසටහන
- මැදි ආදායම්ලාභී පවුල් සඳහා නිවාස සැපයීමේ අරමුණින්, නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශයන්හි නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩසටහනක්, පෞද්ගලික අංශයේ සහභාගිත්වය ඇතිව රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ඒ යටතේ ඉදි කරනු ලබන නිවාස ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉඩම් කොටස් කඩිනමින් වෙන් කර දීම අවශ්‍ය වේ.

ඒ අනුව, නිවාස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති, අක්මීමන, කුරුණෑගල, පුත්තලම, හම්බන්තොට හා ආණමඩුව යන ප්‍රදේශයන්හි පිහිටි, රජයට අයත් ඉඩම් කැබලි කිහිපයක්, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත නිදහස් කරගැනීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.