• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ බුද්ධ ජයන්ති පොත්හලේ අලෙවි කටයුතු ප්‍රවර්ධනය කිරීම
- බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් සම්පාදනය කරනු ලබන සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ, බෞද්ධ විශ්වකෝෂ සහ වෙනත් සිංහල හා ඉංග්‍රීසි බෞද්ධ පොත් එම දෙපාර්තමේන්තුවේ බුද්ධ ජයන්ති පොත්හලෙහි අලෙවි කරනු ලැබේ. බුදුදහම හා බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් හදාරනු ලබන දෙස් විදෙස් විද්‍යාථීන්ගේ හා පාඨකයින්ගේ පහසුව සඳහා මෙම පොත් සහනදායී මිලකට අලෙවි කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, ‍එහි අලෙවි කරනු ලබන තෝරාගත් ප්‍රකාශන සඳහා වට්ටම් ලබා දීම පිණිස බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.