• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය වැඩිදියුණු කිරීම
- ජර්මනියේ ෆෙඩ්රික් ඊබට් පදනමේ මූල්‍ය හා සම්පත් දායකත්වය ඇතිව, 1982 වර්ෂයේදී ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී සේවාව සඳහා අවශ්‍ය තාක්ෂණික ශිල්පීන් පුහුණු කිරීමේ අරමුණිනි. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තීන් ඉලක්ක කරගනිමින් පාඨමාලා 18ක් පමණ මෙම ආයතනය විසින් වර්තමානයේ පවත්වාගෙන යනු ලබන අතර, ශිෂ්‍යශිෂ්‍යාවෝ 450ක් පමණ වාර්ෂිකව එහි අධ්‍යයන කටයුතුවල නිරත වෙති.

මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය වෘත්තීය පුහුණුව ලබා දෙන ජාතික ආයතනය බවට ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය පත් කිරීම පිණිස තුන් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. එමඟින් ආයතනයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, උතුරු හා නැ‍ඟෙනහිර පළාත් වෙත ආයතනයේ පුහුණු වැඩසටහන් ව්‍යාප්ත කිරීමටත් අපේක්ෂා කෙරේ. මේ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.