• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
- ආර්ථික හා සමාජීය සංවර්ධනය වැඩිදියුණු කිරීම සඳහා විද්‍යාත්මක, පර්යේෂණ සහ තාක්ෂණික ක්ෂේත්‍රයන්හි ඵලදායී සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී තිබේ. 2017 දෙසැම්බර් 07 සහ 08 යන දිනයන්හිදී දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන විද්‍යා සම්මන්ත්‍රණය අතරතුරදී එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.