• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උඩරට දුම්රිය මාර්ගයේ අස්ථායී බෑවුම් හා නායයාම් ප්‍රතිසංස්කරණය කිරීම
- පසුගිය කාල සීමාව තුළ සිදු වූ නායයාම්වල බලපෑම් සැලකිල්ලට ගෙන, උඩරට දුම්රිය මාර්ගයේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව හා ආරක්ෂාකාරීව සිදු කිරීමේ අරමුණින්, එම දුම්රිය මාර්ගයේ අස්ථායී බෑවුම් හා නායයාමට හැකි ස්ථාන ස්ථායී කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් පෙන්වා දෙනු ලැබ තිබේ.

ඒ අනුව, උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන හා බදුල්ල අතර ප්‍රදේශයට ප්‍රමුඛතාව ලබා දෙමින්, නායයාමේ අනතුරු සහිත ස්ථාන හා අස්ථාවර බෑවුම් ප්‍රතිසංස්කරණය හා කාණු පද්ධතිය වැඩිදියුණු කිරීම ඇතුළත් යෝජිත ව්‍යාපෘතිය, ඉදිරි වසර පහක කාලසීමාව තුළ, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.