• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රට තුළ පවතින පෙට්ට්‍රල් හිඟය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම
- මහජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා බාධාවක් වී ඇති රට තුළ පවතින පෙට්ට්‍රල් හිඟය පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ දැඩි අවධානය යොමු වූ අතර, පවතින පෙට්ට්‍රල් හිඟය මගහැරීම සඳහා වහාම ගත යුතු ක්‍රියාමාර්ග, එවැනි තත්ත්වයක් ඇති වීමට හේතු වූ කරුණු, ඒ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන් කවරේද යන්න පිළිබඳව හා එවැනි තත්ත්වයන් ඉදිරියේදී නැවත ඇති වීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පරීක්ෂා කර බලා නොපමාව සිය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පහත සඳහන් අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

i ගරු (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා
විශේෂ කාර්යභාර අමාත්‍ය - (සභාපති)

ii ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා
ආපදා කළමනාකරණ අමාත්‍ය

iii ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය

iv ගරු අර්ජුන රණතුංග මැතිතුමා
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය