• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණ නිවහන' ව්‍යාපෘතිය
- කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ සඳහා දැනට භාවිත කරනු ලබන ගොඩනැඟිලිවල ඉඩකඩ ඉතා සීමිත වන අතර, ඒවායේ පැරණි බව හේතුවෙන් අවදානම් තත්ත්වයක් ද මතු වී තිබේ. එමෙන්ම උපරිමාධිකරණ සංකීර්ණ ගොඩනැඟිල්ලේ පිහිටුවා ඇති නීති ක්ෂේත්‍රය හා සම්බන්ධ විවිධ ආයතන සඳහා ද ප්‍රමාණවත් ගොඩනැඟිලි පහසුකම් සැලසිය යුතු වේ. ඒ අනුව, අධිකරණ ශාලා 40කින් සමන්විත අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීම, අධිකරණ අමාත්‍යාංශ සංකීර්ණය ඉදි කිරීම, විනිශ්චයකාරවරුන්ගේ පුහුණු ආයතනය වැඩිදියුණු කිරීම හා නීතිඥවරුන් පුහුණු කිරීම සඳහා නීති මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා 'අධිකරණ නිවහන' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසුකම් සපුරනු ලබන සංවර්ධකයෙකු/කොන්ත්‍රාත්කරුවෙකු, රට තුළ දැනට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ නියුතු දේශීය හා විදේශීය කොන්ත්‍රාත්කරුවන් අතුරින් තරගකාරී පදනම මත තෝරාගැනීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.