• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගලිගමුව ජල සම්පාදන යෝජනා ක්‍රමය
- ජල සම්පාදනය හා සනීපාරක්ෂාව ‍වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මුලතිව්, කිලිනොච්චිය, බදුල්ල, මොනරාගල, රත්නපුරය, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි කොට්ඨාස 540ක වෙසෙන 530,000ක පමණ ජනතාවකට වැඩිදියුණු කළ ජල සම්පාදන පහසුකම්ද, තවත් 175,000ක පමණ ජනතාවකට වැඩිදියුණු කළ සනීපාරක්ෂක පහසුකම්ද සැලසීමට අපේක්ෂා කරනු ලැබේ.

මෙම ව්‍යාපෘතියේ පළමුවන සංරචකය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ජල සම්පාදන ක්‍රමය ඉදි කිරීමට අපේක්ෂිත අතර, එමඟින් ඉදිරියේදී ගලිගමුව නගරය ද ඇතුළත්ව ග්‍රාම නිලධාරි වසම් 29ක 45,000ක පමණ ජනගහනයකට සුරක්ෂිත පානීය ජලය සැපයෙනු ඇත. ඒ අනුව, දිනකට ඝන මීටර 9,000ක පිරිපහදු ජල නිෂ්පාදන ධාරිතාවක් සහිත ජල පවිත්‍රාගාරයක් ඉදි කිරීම, බෙදා හැරීමේ නළ පද්ධති එළීම ඇතුළු කාර්යයන් සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඇමරිකානු ඩොලර් මිලියන4.6ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,268ක මුදලකට M/s Sierra Construction (Private) Limited වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.