• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ තෙලවල පුහුණු මධ්‍යස්ථානය හා අනෙකුත් ගොඩනැඟිලි ඉදි කිරීම
- ගාස්තු ගෙවීමකින් තොරව ලබාගන්නා ජල භාවිතය නියමානුකූල කිරීම සහ මහජනතාව වෙත සලසනු ලබන ජල සේවා පහසුකම් වැඩිදියුණු කිරීම හා කළමනාකරණය මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනේ අරමුණු වේ. එම වැඩසටහනෙහි දෙවන අදියර ය‍ටතේ තෙලවල පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීමට යෝජිත අතර, ගාස්තු ගෙවීමකින් තොරව ලබා ගන්නා ජල භාවිතය නියමානුකූල කිරීමේ ව්‍යාපෘතිය හා සම්බන්ධ විවිධ මට්ටම්වල නිලධාරින් සහ ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අනෙකුත් නිලධාරින් පුහුණු කිරීමට එම මධ්‍යස්ථානය යොදාගැනීමට අපේක්ෂිතය.

ඒ අනුව, මහල් හතරකින් යුත් පුහුණු මධ්‍යස්ථානයක්, මහල් පහකින් සමන්විත නේවාසිකාගාර ගෙඩනැඟිල්ලක් සහ ආපන ශාලාවක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Sierra Construction (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.