• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දඬුවම් පමුණුවන ලද තැනැත්තන් දෙරට අතර හුවමාරු කරගැනීම පිණිස ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක් අත්සන් කිරීම
- ශ්‍රී ලංකාවේ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබ බන්ධනාගාරගත කරනු ලබන තායිලන්ත පුරවැසියෙකුට හෝ තායිලන්ත අධිකරණයක් විසින් වැරදිකරු කරනු ලැබ බන්ධනාගාරගත කර දඬුවමකට යටත් කරනු ලබන ශ්‍රී ලාංකික පුරවැසියෙකුට, එකී දණ්ඩනයට අදාළ ඉතිරි කාලය තම රටේදී විඳීමට හැකි වන පරිදි, එලෙස දඬුවම් පමුණුවන ලද තැනැත්තන් දෙරට අතර භාර දීම පිළිබඳ ගිවිසුමක් ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ඇති කරගැනීමට සහ එසේ ඇති කරගනු ලබන ගිවිසුම අපරානුමත කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.