• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම
- නව පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමට සහ පවත්නා පළාත් පාලන ආයතන උත්ශ්‍රේණිගත කිරීමට විද්වත් කමිටුවක් විසින් සකස් කරන ලද නිර්ණායක සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එම නිර්ණායක මත පදනම්ව වර්තමාන අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය අඹගමුව, මස්කෙළිය සහ නොර්වුඩ් ප්‍රාදේශීය සභා වශයෙන් නව පළාත් පාලන ආයතන 03ක් ලෙස සංස්ථාපනය කිරීමටත්, වර්තමාන නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය නුවරඑළිය, ආගරපතන සහ කොටගල ප්‍රාදේශීය සභා වශයෙන් නව පළාත් පාලන ආයතන 03ක් ලෙස සංස්ථාපනය කිරීමටත් තීරණය කර තිබේ.

ඒ අනුව, ඉහත සඳහන් පළාත් පාලන ආයතන ද ඇතුළත්ව සියලුම පළාත් පාලන ආයතන සංස්ථාපන නියමයන් 2017‑11‑01 දින ගැසට් කිරීමට කටයුතු සිදු කෙරෙන බවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.