• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජපානය සහ ශ්‍රී ලංකාව අතර තාක්ෂණික ක්ෂේත්‍රයේ සීමාවාසික අභ්‍යාසලාභීන් පුහුණු කිරීමේ වැඩසටහන පිළිබඳ සහයෝගිතා ගිවිසුම
- ජපානය සතු ඉහළ තාක්ෂණික කුසලතා, ශිල්පීය ක්‍රම හා දැනුම ශ්‍රී ලංකාවට ලබාගැනීමේ, තාක්ෂණික ක්ෂේත්‍රයේ සීමාවාසික අභ්‍යාසලාභීන් දෙරට අතර හුවමාරු කරගැනීමේ, අන්තර්ජාතික සහයෝගිතාව ප්‍රවර්ධනය කරගැනීමේ අරමුණින් සහ මෙරට විගමනික සේවකයින්ට එමඟින් ලැබෙන ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන, ජපානයේ අධිකරණ අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ විදේශ රැකියා අමාත්‍යාංශය අතර තාක්ෂණික ක්ෂේත්‍රයේ සීමාවාසික අභ්‍යාසලාභීන් පුහුණු කිරීමේ වැඩසටහන පිළිබඳ සහයෝගිතා ගිවිසුමකට එළඹීම පිණිස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.