• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර නගරයේ නාගරික රථගාල වැඩිදියුණු කිරීම
- උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර නගරයේ නාගරික රථගාල (Municipal Car Park Roof Top) වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එම කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 654.11ක බදු රහිත මුදලකට, M/s. Sierra Construction (Pvt.) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.