• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- රාජ්‍ය විශ්වවිද්‍යාලවල දැනට පවතින ඉඩකඩ හා පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, එම විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය ප්‍රමුඛතාව ලබා දී තිබේ. ඒ අනුව, පහත සඳහන් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති, 2018-2019 කාලසීමාව තුළ රුපියල් මිලියන 380ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අධ්‍යයන අංශය පුළුල් කිරීම.

* අනුරාධපුර, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන විදේශීය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා තෙමහල් නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සහ එම විශ්වවිද්‍යාලයේ සංචාරක නිවාසය වැඩිදියුණු කිරීම.

* නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ කාර්යමණ්ඩල නිල නිවාස ඉදි කිරීම.