• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳ සහ ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීම
- ලෝකයේ ඉහළම සංවර්ධනයක් අත්පත් කරගත් රටවල් අතුරින් ගෝලීය ආර්ථික දර්ශකවලින් ඉහළ ස්ථානයක් හිමි කරගෙන සිටින ඕස්ට්‍රේලියාව සමඟ ශ්‍රී ලංකාව සිය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා 1947 වර්ෂයේදී ආරම්භ කර තිබේ. දෙරට අතර ආර්ථික සහයෝගිතාව තවදුරටත් පුළුල් කරගනිමින් ද්විපාර්ශ්වික වෙළඳ සහ ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා වන එකඟතාවන්ට එළඹීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.