• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් ආපදාවට ලක් වූ විහාරස්ථාන සංවර්ධනය කිරීම
- 2017 වර්ෂයේ මැයි මාසයේ ඇති වූ ජල ගැලීම් හා නාය යාම් හේතුවෙන් දිවයිනපුරා ප්‍රදේශ රාශියක විහාරස්ථාන ගොඩනැඟිලි කඩා වැටීම්, වහල කඩාවැටීම්, ආරක්ෂක බැමි හා බෝධි ප්‍රකාර කඩාවැටීම් වැනි හානි විහාරස්ථානවලට සිදු වී ඇති අතර, එම අලාභහානිවල පිරිවැය රුපියල් මිලියන 113.87ක් බව දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් වාර්තා කර තිබේ. මෙම හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා, එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල පැවත්වීම සඳහා බුද්ධශාසන අමාත්‍යාංශයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් ඉතිරි වූ මුදල්වලින් රුපියල් මිලියන 113.87ක් වැය කර දිස්ත්‍රික්ක 09ක් පුරා විහිදී ඇති විහාරස්ථාන අලුත්වැඩියා කිරීම සඳහා බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.